මොළ හෝදන ලංකාවේ මාධ්‍ය හිමිකමේ තිත්ත ඇත්ත මෙන්න

Taken from Lanka A News

මෙරට මුද්‍රිත මාධ්‍ය ආයතනවලින් සියයට 79 කට යම් දේශපාලනඥයකුගේ හිමිකමක් හෝ වක්‍රාකාර බලපෑමක් පවතින බව අනාවරණවී තිබෙනවා.
ඒ වෙබ් අඩවිය හා දේශ සීමා විරහිත මාධ්‍යවේදීන් සිදුකළ අනාවරණයකට අනුවයි.
එමෙන්ම මෙරට ජනමාධ්‍ය පරිහරණය කරන පිරිසෙන් සියයට 75 ක් ම එම මාධ්‍ය ආයතන 4ක් විසින් අත්පත් කරගෙන සිටින බවයි අනාවරණයේ සදහන් වන්නේ.
ලංකාවේ රූපවාහිනී නාලිකාවලින් සියයට 52 කටම දේශපාලන හිමිකාරීත්වයක් හෝ සබදතාවයක් පවතින බවද මෙම වාර්තාවෙන් හෙළිවනවා.
එසේම මෙරට ගුවන් විදුලි ආයතනවලින් සියයට 45ක්ම දේශපාලනික හිමිකාරීත්වයක් සතු බවයි දැක්වෙන්නේ.

මෙම අනාවරණයේ දත්ත අනුව මෙරට ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතන 12න් 7ක්ම දේශපාලනඥයකුට සෘජුව සම්බන්ධ අතර තවත් ආයතන 2ක් ඔවුන්ගේ ඥාතීන් සතුවනවා.
මෙරට ප්‍රධානම ගුවන් විදුලි නාලිකා 11ක් අතරින් 5ක් දේශපාලකයින් සතුවන අතර එක් ආයතනයක් දේශපාලනයට සම්බන්ධ අයකුගේ ඥාතීයකු නමින් පවතිනවා.
මෙරට වැඩියෙන්ම නරඹන රූපවාහිනී නාලිකා 12න් 4ක් දේශපාලකයින් සතුවන අතර තවත් ආයතන 2ක් පවතින්නේ දේශපාලකයකුගේ ඥාතීන්ගේ හිමිකම මතයි.
මෙරට ප්‍රධාන අන්තර්ජාල මාධ්‍ය 11 අතරින් 4ක්ද දේශපාලකයින් සතුවන අතර තවත් 2ක් ඔවුන්ගේ ඥාතීන් සතුවනවා.
ඒ අනුව මෙරට ජනතාවට සත්‍ය තොරතුරු ගලායාම සිදුවිය හැකිවන්නේ කවර ආකාරයෙන්දැයි මතුවන්නේ දැඩි ගැටලුවක්.

මේ අතර මෙරට රූපවාහිනී නාලිකා 4ක් විසින් සමස්ථ රූපවාහිනී නරඹන්නන්ගෙන් සියයට 79ක් අත්කරගෙන සිටිනවා.
ඒ මහරාජා ආයතනය සියයට 22.2 ක් ( සිරස 15.4 / ශක්ති ටී වී 6.2 ක් හා ටීවී වන් 0.7 ක් ලෙසයි)
පවර් හවුස් ආයතනය මෙරට රූපවාහිනී නරඹන්නන්ගෙන් සියයට 19.8 ක් හිමිකරගෙන පවතිනවා.
ඒ දෙරණ 19.5 ක් හා අද දෙරණ ටී වී 0.3 ක් ලෙසයි.
ඒ බී ෂී ආයතනය සියයට 18.1 ක් හිමිකරගෙන පවතිනවා. හිරු ටීවී
රජය සතු ප්‍රතිශතය සියයට 16.9ක්.
අයි ටී එන් සියයට 7 , රූපවාහිනිය සියයට 4.3 , චැනල් අයි 3.2 හා වසන්තම් ටී වී 2.4 ලෙසයි.

මේ අතර ලංකාවේ පුවත්පත් ආයතන අතරින් සියයට 47.1 පාඨකයින් පිරිසක් විජය පුවත්පත් සමාගම විසින් අත්කරගෙන පවතිනවා.
ලේක්හවුස් ආයතනයට පවතින්නේ සියයට 9.8ක් පමණයි.
උපාලි පුවත්පත් සමාගමට සියයට 10ක් හා සිලෝන් සමාගමට හිමිව ඇති ප්‍රතිශතට සියයට 8.4 ක්.
මේ අයුරින් ලංකාවේ විද්‍යුත් මාධ්‍යය දේශපාලනික බලපෑම් මත පුවත් වාර්තාකිරීම තුලින් මෙරට ජනතාව පැහැදිලි මුලාවකට ලක් කරමින් පවතින අතර මෙමගින් ක්‍රියාත්මක කරමින් පවතින්නේ ඔවුනොවුන්ගේ දේශපාලනික මතවාදය පෙරට ගෙනයාම පමණයි.