දුම්වැටි මිලකරණයේ සැඟවුණු පැතිකඩ

දුම්වැටි මිලකරණයේ සැඟවුණු පැතිකඩ

cigarette tax policy

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය, දුම්වැටි කර්මාන්තය හා දුම්වැටි බදු ගැන, බොහෝ අවස්ථාවලදී, මවනුයේ නිවැරදි චිත‍්‍රයක් නොවේ.එකී අදහස් දැක්වීම්, ශ‍්‍රී ලංකාවේ දුම්වැටිවල ඒකාධිකාරි නිශ්පාදකයා වන ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගමට වාසි වන අයුරින් ඉදිරිපත් කර ඇති බව ෙප‍නී යන්නකි. දුම්කොළ බද්ද ගැන ඇති ආරංචි මාත‍්‍රවලට වගකිවයුත්තා කවුරුන් ද?’ යන සිරස්තලය‍ යටතේ බුද්ධි විමසුමක්, 2017 ජූනි මස දී වෙරිෙට‍ රිසර්ච් ආයතනය විසින් පළ කරන ලදී. එම ලිපියෙන් පසුව පළ වී ඇති නිල දත්ත මගින්ද, වෙරිෙ ට‍ රිසර්ච් ආයතනය විසින් ඉහත කී ළිපිය තුළින් ෙප‍න්වා දී ඇති විශ්ලේෂණාත්මක දෝෂයන් තව දුරටත් සනාථ කර ඇත. ෙම‍ම බුද්ධිමය විමසුම තුළින් එකී විශ්ලේෂණාත්මක දෝෂයන් පිළිබඳ තව දුරටත් සාකච්ඡා නොකරයි. එසේ නමුත්:

  • දුම්වැටි මිළ ගණන් පිළිබඳ වැරදි අවබෝධයක් ජනමාධ්‍ය හරහා පෝෂණය වීම,
  • දුම්වැටි මිල තීරණය කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳ සත්‍ය සඟවාලීම, සහ,
  • එම තීරණයන් ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම‍ට ලාභ ලබා දීමට හේතු වී ඇති අන්දම

අවධානයට ලක් කරයි.

දුම්වැටි මිල නියම කිරීම ගැන ඇති මූලික වැරදි අවබෝධයන්

දුම්වැටි බදු ඉහළ දැමූ අවස්ථාවල ජනමාධ්‍ය විසින් බොහෝ විට එය ඉදිරිපත් කරනුයේ පහත දැක්ෙව‍න ආකාරය‍ට ය.

  • පලමුව, දුම්වැටි බදු ඉහළ දැමීමේ රජයේ ප‍්‍රතිපත්තිය, දුම්වැටි මිල ඉහළ දැමීමට අදාල යම් ප‍්‍රතිපත්තියකට අනුව සිදු වන බවට ඉදිරිපත් කරයි.
  • දෙවනුව, දුම්වැටි මිල ඉහළ යාම, බදු ඉහළ යාම නිසා පමණක් සිදු වන්නක් ලෙස ෙප‍න්වා දීම .

මෙම කියාපෑම් දෙකම නිවැරදි නැත.

කියාපෑම් 1:     

දුම්වැටි බදු ඉහළ දැමීමේ රජයේ ප‍්‍රතිපත්තිය, දුම්වැටි මිල ඉහළ දැමීමට අදාල යම් ප‍්‍රතිපත්තියකට අනුව සිදුවන්නක් ලෙස ඉදිරිපත් කිරීම.

ෙම‍ය නිවැරදි කියාපෑමක් නොවේ. දුම්වැටි මිල සෘජුව නියම කිරීමේ නීතිමය බලතල රජය සතුව නොපවතී. රජයට බලය ඇත්තේ දුම්වැටි බදු පැනවීමට පමණි. රජය බදු පැනවූ පසු, දුම්වැටි මිල තීරණය කරනුයේ ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම‍යි.

කියාපෑම් 2:

දුම්වැටි මිල ඉහළ යෑම්වලට එක ම හේතුව වන්නේ බදු ඉහළ දැමීම බවට ඉදිරිපත් කිරීම.

පහතින් පැහැදිලි කෙරෙන පරිදි මෙම කියාපෑම ද දෝෂ සහගත ය. එක් දුම්වැටියක් සඳහා වන බද්ද රජය විසින් ඉහළ දැමූ විට, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම‍ට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයන් තුනක් පවතී.

  1. බදු ඉහළ යෑම නිසා සිදුවන මිළ වැඩි වීම තමන් විසින් දරා ගැනීම. එවිට දුම්වැටියකින් සමාගමට

හිමිවන මිල ඉහළයන්නේ ඉන් රජයට ලැෙබ‍න බදු මුදල ඉහළ යෑමට වඩා අඩු අගයකිනි.

  1. බදු ඉහළ යාම නිසා සිදුවන මිළ වැඩි වීම පාරිභෝගිකයා හට දරා ගැනීමට ඉඩ සලස්වමින්, එකතු වූ

බද්ද නිසා ඉහළ ගිය අගයෙන් පමණක් දුම්වැටි මිල ඉහළ දැමීම.

  1. බදු එකතු කිරීම නිසා සැබෑ ෙල‍ස ම ඉහළ ගිය අගයට වඩා වැඩි අගයකින් දුම්වැටි මිල ඉහළ දැමීමයි.

එවිට,සියලූම බදු මුදල් ෙග‍වීෙම‍න් පසුව එක් දුම්වැටියකින් ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම සහ සිල්ලර හා තොග වෙළෙන්දන් ලබන ආදායම (ශුද්ධ බදු ආදායම) ද ඉහළ යයි.

ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම නිරතුරුවම තෝරා ගෙන ඇත්තේ තුන් වන විකල්පයයි. ඒ අනුව, මිල ඉහළ යාම සිදු වී ඇත්තේ හුදෙක් බදු ඉහළ යාම නිසා පමණක් නොව, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගමේ ශුද්ධ බදු මිල ද  ඉහළ නැංවීම හේතුවෙනි.

පහත වගුෙව‍න් ෙප‍න්නුම් ක‍ෙර‍න්නේ, එක් දුම්වැටියකින් රජයට ලැබෙන ආදායමේ ඉහළ යාම සමග, එක් දුම්වැටියකින් ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගමට ලැබෙන ආදායමේ ශුද්ධ බදු මිල ඉහළ යාම පිළිබඳ සංසන්දනයකි.

ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම ශුද්ධ බදු මිල ඉහළ දැමීම සිදු කරන්නේ රජය විසින් දුම්වැටි බදු ඉහළ දමන මොහොතේමය. එ නිසා බදු ඉහළ දැමීම ෙද‍සට මහජන අවධානය යොමු වීෙම‍න් දුම්වැටි මිල ඉහළ යාම හුෙද‍ක් ම රජය විසින් බදු ඉහළ දැමීම හේතුවෙන් පමණක් ඇති වූවක් ලෙස දිස් වේ. ඒ අතරවාරයේ මිල ඉහළ යාම නිසා දුම්වැටිවලට පවතින ඉල්ලූමේ අඩු වීමක් සිදුවන අතර තුර ම, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම තම ලාභයන් තර කර ගනී.

එක් දුම්වැටියකින් ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගමට ලැබෙන ආදායම, රජයේ ආදායමට වඩා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබේ.

ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම, ගෙවුනු වසරවලදී ඉහළ දමා ඇති ශුද්ධ බදු මිල පහත වගුවෙන් දැක්වේ. උදාහරණයක් ලෙස, 2016 වසරේ දී ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම විසින් වැඩියෙන්ම අලෙවි වන වෙළඳනාමය සහිත දුම්වැටියේ ශුද්ධ බදු මිල සියයට 40ක ප්‍ර‍තිශතයකින් ඉහළ දමා ඇත. බදු ඉහළ ගිය අගයට වඩා, රුපියල් 3යි සත 73ක අමතර අගයක් එ තුළින් දුම්වැටි මිලට එකතු කර තිබේ. එපරිද්දෙන්ම අඩුම මිලැති වෙළඳ නාමය සඳහා ශුද්ධ බදු මිල, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම විසින් සියයට 89කට වඩා මඳක් වැඩි අගයකින් ඉහළ දමා තිබේ. බදු ඉහළ යාම නිසා සිදු වූ මිළ  ගණන්  ෙව‍නසට වඩා වැඩියෙන් රුපියල් 2යි සත 69ක්, එතුළින් දුම්වැටිෙය‍හි පැවති මිලට එක් කර ඇත.

 

වගුව:    දුම්වැටියක් සඳහා රජයේ හා ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගමේ ආදායම සැසඳීම

  වැඩියෙන්ම අලෙවි වන වෙළද නාමය අඩුම මිලැති වෙළද නාමය
2014 දෙසැම්බර් සිට 2015 තෙක් 2015 දෙසැම්බර් සිට 2016   තෙක් 2005 ජනවාරි සිට වර්තමානය දක්වා 2014 දෙසැම්බර් සිට 2015  තෙක් 2015 දෙසැම්බර් සිට  2016 තෙක් 2005 ජනවාරි සිට වර්තමානය දක්වා
සුරා බදු ඉහළ යාම රු 2.14

සියයට 9‍කට වඩා වැඩි ඉහළ යාමක්

රු. 6.75

සියයට 28‍කට වඩා වැඩි ඉහළ යාමක්

රු.30.01

5.3 ගුණයකින් වර්ධනය විය

බදු ඉහළ යාමක් සිදුනොවීය. රු.4.70

 

67%කට වඩා වැඩි ඉහළ යාමක්

රු.12.32

7.3 ගුණයකින් වර්ධනය විය

+ වැට් අදාළ නොවේ රු.6.52 අදාළ නොවේ රු.2.61
ශුද්ධ බදු මිල (රී..දු.. විසින් ඉහළ දැමීම) රු.0.86

10%කට වඩා වැඩි ඉහළ යාමක්

රු.3.73

40%කට වඩා වැඩි ඉහළ යාමක්

රු.11.49

8.7 ගුණයකින් වර්ධනය විය

බදු ඉහළ යාමක් සිදුනොවීය රු.2.69

 

89%කට වඩා වැඩි ඉහළ යාමක්

රු.5.18

10.7 ගුණයකින් වර්ධනය විය

1989 අංක 13 දරණ සුරා බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ එන ගැසට්පත්වල ඇති දත්ත හා අන්තරායකර ඖෂධ පිළිබඳ අත්පොත, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (2015 හා 2016) පදනම් කර ගනිමින් ගණනයන් සිදු කර ඇත.

ගෙවුනු දශකයක පමණ කාලයක් පුරා, එක් දුම්වැටියක් සඳහා ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම විසින් අය කළ ශුද්ධ බදු මිල, රජය විසින් අය කළ බදු මුදලට වඩා වැඩි වේගයකින් වර්ධනය වී තිබේ. 2005 ආරම්භයේ සිට වර්තමානය තෙක්, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගමේ අවම මිලැති වෙළඳ නාමය සහිත දුම්වැටි සඳහා අය කරන ශුද්ධ බදු මිල, 10.7 ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඊට පරස්පරව, එක් දුම්වැටියකින් රජය රැස් කර ගත් බද්ද ඉහළ ගොස් ඇත්තේ 7.3 ගුණයකිනි. එපරිද්දෙන්ම, වැඩියෙන්ම අලෙවි වන වෙළඳ නාමය සහිත දුම්වැටිවලින්, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම ලබා ගත් ශුද්ධ බදු මිල 8.7 ගුණයකින් වර්ධනය වෙද්දී, දුම්වැටියකින් රජය රැස් කර ගත් බදු මුදල වර්ධනය වූයේ 5.3 ගුණයකින් පමණි. ඉන් කියැවෙන්නේ, අලෙවි කළ  සෑම දුම්වැටියකින්ම, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම ලැබූ ආදායම, රජය ලැබූ ආදායමට වඩා වැඩි වේගයකින් ඉහළ ගොස් ඇති බවයි.

 

දුම්වැටිවලට ඒ නයින්ම අඩු අගයක බදු පැනවීමක්

මහජනතාව තුළ මේ ගැන ඇති අවබෝධයට  ප්‍රතිවිරුද්ධ  තත්ත්වයක් අපගේ විෂ්ළේෂණය මගින් ෙප‍නී ගොස් තිබේ.  එනම් ඉහත වගුවේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ 2005 වසෙර් පටන් දුම්වැටි බදු ප‍්‍රතිශතය ඓතිහාසිකව ඉහළ යමින් නොව, පහළ යමින් තිබෙන බවයි. වැඩියෙන්ම අලෙවි වන වෙළඳ නාමය සහිත දුම්වැටියේ බදු අනුපාතය, 2005 වසෙර් මුලදී සියයට 82.5ක් ව තිබූ නමුත්, 2016 වසෙර් පළමු අර්ධය වන විට එය සියයට 67.9ක් දක්වා පහත ගොස් තිබේ. 2016 වසෙර් තුන් වන කාර්තුවේ දී සිදු කළ බදු ශෝධන වෙනස්කම්වලට පසුවත් වර්තමානයේ බදු අනුපාතය පවතින්නේ මිලෙන් සියයට 74ක් එනම්, 2005 වසෙර් දී පැවති අනුපාතයට වඩා බොහෝ සෙයින් අඩු අගයක ය. මෙම බදු අනුපාත වෙනස්කම්, අඩු ම මිළැති වෙළඳ නාමය සහිත දුම්වැටියේද සිදු වී ඇත්තේ මෙම රටාවටම ය.

ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම ශුද්ධ බදු මිළ ඉහළ දමන විට, ඉන් අදහස් වන්නේ දුම්වැටි සඳහා පවතින ඉල්ලුම පහළ යාෙම‍න් සිදුවන අලාබයේ ප‍්‍රතිශතය, දුම්වැටි මිළ ඉහළ යාෙම‍න් ලැෙබ‍න ලාබයේ ප‍්‍රතිශතයට වඩා අඩු වෙතැයි සමාගම විශ්වාස කරන බවයි. මිල ඉහළ යාමක් හරහා ඔවුන්ට ආදායම ද ඉහළ නංවා ගත හැක්කේ එවිට පමණි. සෑම වසරක් පාසාම, විශේෂයෙන්ම මිල ඉහළ නැංවූ විටදී පවා, ඔවුන්ගේ ලාබය ඉහළ ගොස් ඇති බැවින් සමාගමේ ෙම‍ම උපකල්පනය නිවැරදි බව සනාථ වේ.

එක් දුම්වැටියකින් ලබා ගන්නා ශුද්ධ බදු මිල ඉහළ නැංවූ විට දී තම ශුද්ධ ආදායම ද වර්ධනය කර ගැනීමට ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම සමත් වීෙම‍න් අදහස් වන්නේ, දුම්වැටි සඳහා බද්ද රජය විසින් වැඩි කරන විට රජයේ බදු ආදායම ද ඉහළ යන බවයි. දුම්වැටි මත අධික බද්දක් පනවා තිබීමක් ගැන ජනමාධ්‍ය තුළ මහා ඉහලින් හඬ නැෙඟ‍ද්දී, දුම්වැටි බදු ඉහළ යන සෑම විටෙකදීම ෙම‍ම සියලු සිදුවීම් සත්‍ය වශයෙන්ම සිදු වී ඇත. ඊට අමතරව ඉහත වගුවෙන් පෙනී යන පරිදි, දශකයකට අධික කාලයක් පුරා රජයේ බදු ඉහළ දැමීමට වඩා වැඩි වේගයකින්, ශ‍්‍රී ලංකා දුම්කොළ සමාගම තමන්ට හිමිවන ශුද්ධ බදු ආදායම වැඩි කරගනිමින් සිටීම තුළ තවදුරටත් තහවුරු වන්නේ, ශ‍්‍රී ලංකාවේ දුම්වැටි සඳහා අය කරන බදු මට්ටම තවමත්  අවශ්‍ය අගයට වඩා කැපී පෙනෙන ලෙස පහල මට්ටමක පවතින බව ය.

ෙම‍ම මූලික තර්කය බැහැර කර ඇති රජය, ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමතිවරයා  කැබිනට් මණ්ඩලය හරහා මැදිහත් වී, මෙම විෂමතාවය නිවැරදි කරන තෙක් ම, වසර 2015 ජනවාරි මස ජනාධිපතිවරණය පැවැත්වීම‍න් පසුව ගතවූ මුල් මාස 20 තුළ, දුම්වැටි බදු ඉහළ දැමීමට අසමත්වූ පරිදිම, 2016 නොවැම්බර් මාසෙය‍න්  පටන් ගත් මාස 20ක කාලය තුළ ද, අවම වශෙය‍න්  රටේ උද්දමනය හා ගැලෙප‍න අනුපාතයකින් දුම්වැටි බදු ඉහළ දැමීමට අසමත් ව ඇත.

දුම්වැටි මිල හා බදු පිළිබඳව ජනමාධ්‍ය තුළ පැතිර පවත්නා ප‍්‍රබල දුරවබෝධයන්, මුදල් අමාත්‍යාංශය ද නොමග යැවීමට එපරිද්දෙන්ම සමත් වී ඇතුවා විය හැක. නමුත් තමන්ට බොහෝ සෙයින් වැදගත් බදු පිළිබඳ කරුණුවල දී, ජනමාධ්‍ය තුළ පවතින ආරංචිමාත‍්‍රයන් ගැන නොව, වෘත්තීයමය විශ්ලේෂණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන මුදල් අමාත්‍යාංශයක් පැවතීම ශ‍්‍රී ලංකාවට වඩාත් යහපත් ප්‍ර‍තිඵල ලබා ෙද‍නු ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනය යනු, ආර්ථිකය, නීතිය, දේශපාලනය හා මාධ්‍ය සම්බන්ධ ඉහළ තලයේ තීරණ ගන්නන් වෙත ක‍්‍රමෝපායික විශ්ලේෂණයන් සම්පාදනය කරනු ලබන, කොළඹ කේන්ද්‍ර කරගත් ස්වාධීන අන්තර් – ක්‍ෂෙත‍්‍ර බුද්ධි මණ්ඩලයකි.ඔබේ අදහස් සාදරයෙන් පිළි ගැනේ.

 

විද්‍යුත් ලිපිනය: publications@veriteresearch.org