ශ්‍රී ලංකාව කාබනික පොහොර වෙතට මාරු වීමට දැරූ ප්‍රයත්නය

ශ්‍රී ලංකාව 2021 අප්‍රේල් මස සිට රසායනික පොහොර ආනයනය තහනම් කරමින්, කාබනික පොහොර වෙත මාරු වීමට පියවර ගන්නා ලදී. පවතින රසායනික පොහොර තොග අඩු වෙමින් පවතින වාතාවරණයක් තුල පොහොර ප්‍රතිපත්තිය පිළිබඳව ගොවීන්ගේ අදහස් සහ එහි බලපෑම අවබෝධකර ගැනීම සඳහා වෙරිටේ පර්යේෂණ ආයතනය ජූලි මාසයේදී සමීක්ෂණයක් පවත්වන ලදී. ගොවීන් මෙම ප්‍රතිපත්තියට පුළුල් ලෙස සහයෝගය දැක්වූ නමුත් ගොවීන්ගේ අදහස වුයේ මෙම පරිවර්තනය සාර්ථකව කිරීමට අවශ්‍ය දැනුම හා කාලය නොමැතිකම නිසා බොහෝ අඩු අස්වැන්නක් ලැබෙනු ඇති බවයි.