ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණය: ප්‍රධාන කාර්ය සාධන දර්ශක පිළිබඳ ඇගැයීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් (ප්‍ර.කා.සා.ද.)12 ක් රජය කොතරම් දුරට ක්‍රියාත්මක කර ඇත්ද යන්න පිළිබඳව මෙම වාර්තාව ඇගැයීමට ලක් කරයි.
ස්ත්‍රී පුරුෂ සමජභාවී සමානාත්මතාවය සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සවිබල ගැන්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන්ගෙන් 5 වන ඉලක්කය සපුරා ගැනීම සඳහා එකල පැවති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මෙම ප්‍ර.කා.සා.ද. සකසන ලදි. ඇගැයීම් සඳහා යොදා ගත් ක්‍රමවේදය, ප්‍රගති ඇගැයීම් වල ප්‍රතිඵල සහ මෙම ප්‍ර.කා.සා.ද. වල ප්‍රගතිය ඇගැයීමේදී මුහුණ දුන් අභියෝග මෙම වාර්තාවේ අන්තර්ගතයට අයත් වේ.
- 2021, Debt and Public Finance, Economic Research, Gender and Workplace Rights, Macroeconomic Analysis, Research Briefs, Social Rights and Equality
