Share කරන්න කලින් හොයලා බලන්න.
කළ යුතු දේ මෙන්න:
පොඩ්ඩක් ඉන්න
ඔයාම හිතන්න, “ඇයි මම මේ පණිවිඩය විශ්වාස කළ යුත්තේ’?
අප්‍රේල් පළවෙනිදාට විතරක් නෙමෙයි, මේක හැමදාම කරන්න
කොහෙන් ආපු එකක් ද?
අන්තර්ගතය නිර්මාණය කරලා තියෙන පේජ් එකේ ලින්ක් එකට යන්න.
ලින්ක් එකක් හොයාගන්න නැද්ද? ඒත් ඔයා දැකපු දේ විශ්වාස කළා ද? එහෙනම්, ඔයා ආපහු රැවටිලා!
හොයලා බලන්න
අන්තර්ගතය පළ වෙලා තියෙන සමාජ මාධ්‍ය පිටුව හෝ වෙබ් අඩවිය විශ්වාසය තැබිය හැකි මූලාශ්‍රයක් ද?
අප්‍රේල් පළවෙනිදා රැවටෙන අය – පොඩ්ඩක් ඉදලා, කොහෙන් ආපු එකක් ද කියලා බලලා, හොයලා බලන අය නෙවෙයි.
එහෙම කෙනෙක් වෙන්න එපා
පොඩ්ඩක් ඉඳලා, කොහෙන් ආපු එකක් ද කියලා, හොයලා බලන්න බැරි නම් share කරන්නත් එපා!
How?
වෙරිටේ රිසර්ච් හඳුන්වා දෙන Trace-it ක්‍රමය
Trace-it යනු වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සිය ඩිජිටල් අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීමේදී භාවිතා කරන ප්‍රකාශන ප්‍රමිතියක්. අපගේ අන්තර්ගතයන්හි අඩංගු වන QR කේතය මගින් එම අන්තර්ගතය මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද මූලාශ්‍රය වෙත ඔබව යොමු කරනු ලබනවා.
හැම විශ්වසනීය ප්‍රකාශකයෙක්ම මේ ක්‍රමය අනුගමනය කළ යුතු බවයි අපේ අදහස. මොකද, එහෙම හොයාගන්න බැරි අන්තර්ගතයන් – සාවද්‍ය තොරතුරු වීමේ ලොකු අවදානමක් තිබෙනවා.
මුල් ප්‍රකාශකයා සොයා ගන්න බැරි අන්තර්ගතයන් දැක්කොත් ප්‍රවේසම් වෙන්න. ඒ වගේ දේවල් අනෙක් අය එක්ක බෙදා ගන්න අයහපත් පුරුද්දෙන් වැළකෙන්න.
ප්‍රකාශකයා තහවුරු කර ගැනීම
Trace-it විසින් සුවිශේෂී ඩිජිටල් ෆින්ගර් ප්‍රින්ට් තාක්ෂණයක් භාවිත කරයි. එමඟින් විශ්වසනීය අන්තර්ගතයන් සියල්ල ඒවායේ මුල් ප්රරකාශකයන් හඳුනා ගැනීමට තහවුරු කරන අතරම, වෙනස් කරන ලද හෝ ව්‍යාජ ලෙස සකස් කරන ලද (manipulated) අන්තර්ගතයන් හඳුනා ගැනීමටද ඉඩ සලසයි.
QR කේතය ස්කෑන් කරන්න
Trace-it වෙත ඇතුළු වන්න
මූලාශ්‍රය තහවුරු කරගන්න
තොරතුරු වගකීම් සහගත ලෙස බෙදාහැරීම සහ ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කිරීම (verification) ප්‍රවර්ධනය කිරීම සඳහා වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය දක්වන පුළුල් කැපවීමේ එක් කොටසක් ලෙස Trace-it හැඳින්විය හැකිය. Trace-it අනුගමනය කිරීමට කැමති අනෙකුත් විශ්වසනීය ප්‍රකාශකයින්ට සහාය වීමටද වෙරිටේ රිසර්ච් සූදානම්ව සිටියි.
වැඩිදුර විස්තර සඳහා, mediaservices@veriteresearch.org වෙත විද්‍යුත් තැපැල් යොමු කරන්න.
WhatsApp stickers for forwards of Unknown Origin!
This year, Verité Research is launching a WhatsApp sticker pack to discourage the forwarding of messages of unknown origin.
Messages of unknown origin, rumours, and misleading claims are often spread through private and group chats. Use these stickers when a message cannot be traced to a credible source.
Sometimes the right response is not another forward, but a prompt to stop, trace, and check.
To receive the sticker pack, join our WhatsApp channels
Step 1
Tap “View Sticker Pack” in the WhatsApp chat.
Step 2
Tap “Add to your stickers”.
