පොදු දත්ත පොදු කිරීම: ශ්‍රී ලංකාව සිය ඉලක්කය වෙත යාමට අසමත් වෙද්දී ඉන්දියාව එය අභිබවා යයි
සංඛ්‍යාන තොරතුරු නිසි කලකට උත්පාදනය කිරීම හා ලබා දීම අතින් ‘කලාපීය පුරෝගාමියා’ බවට පත් වීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අරමුණ වේ. මෙම විදසුන පෙන්වා දෙන්නේ ජනතාවට දත්ත ලබා ගැනීමට ඇති පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සිය දැක්ම සාක්‍ෂාත් කර ගැනීමට අසමත් වී ඇති බවයි. එහෙත්, පහසුව, ඉක්මණ සහ පිරිවැය අතින් ශ්‍රී ලංකාව අභිබවා යමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දැක්මට අනුව ශ්‍රී ලංකාව අත්කර ගැනීමට ප්‍රයත්න දරන කලාපිය පුරෝගාමියාගේ තත්වයට ඉන්දියාවට පත් වෙමින් ඇත.
- 2021, Economic Research, General Governance and Policy, Insights
