ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කාලය තුළ පුද්ගලික මාධ්‍ය නියාමනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල
මැතිවරණ සමයක දී මාධ්‍ය නියාමනය කිරීම සදහා මාර්ගෝපදේශයන් නිකුත් කිරීමෙහි ලා ශී‍්‍ර ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව මෙරට ව්‍යවස්ථාවෙන්ම බලගන්වා තිබේ. මැතිවරණ සමයක දී මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් වර්තමානයේ පවත්නා කතිකාවත වඩාත්ම කේන්ද්‍රගතව තිබෙන්නේ රාජ්‍ය මාධ්‍යයන් නියාමනය කිරීම සදහා මෙම මාර්ගෝපදේශයන් භාවිතාවන ආකාරය පිළිබදවය. නමුත් එපමණකින් සීමා නොවී මැතිවරණ සමයක දී, පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති මාධ්‍ය නියාමනය කිරීමට පවා ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාව බලගන්වා තිබෙන ආකාරය මෙම දැනුම්වත් කිරීමේ සටහනින් අධ්‍යනය කෙරේ.
- Debt and Public Finance, Infrastructure and Public Investment, Media and Information Integrity, Media Research, Research Briefs, Taxation
