අප්‍රේල් පළවෙනිදා විතරක් නෙවෙයි හැමදාම රැවටෙන්නේ නැතුව ඉන්න සරල පියවර තුනක් මෙන්න!
පොඩ්ඩක් ඉන්න!
ඔයාම හිතන්න, “ඇයි මම මේ පණිවිඩය විශ්වාස කල යුත්තේ’?
(අද විතරක් නෙවෙයි, මේක හැමදාම කරන්න)

කොහෙන් ආපු එකක්ද?
අන්තර්ගතය නිර්මාණය කරලා තියෙන පේජ් එකේ ලින්ක් එකට යන්න.
(ලින්ක් එකක් හොයාගන්න නැද්ද? ඒත් ඔයා දැකපු දේ විශ්වාස කළා ද? එහෙනම්, ඔයා ආපහු රැවටිලා!)

හොයලා බලන්න!
අන්තර්ගතය පළවෙලා තියෙන සමාජ මාධ්‍ය පිටුව හෝ වෙබ් අඩවිය විශ්වාසය තැබිය හැකි මූලාශ්‍රයක් ද?
(අප්‍රේල් පළවෙනිදා රැවටෙන අය – පොඩ්ඩක් ඉදලා, කොහෙන් ආපු එකක් ද කියලා බලලා, හොයලා බලන අය නෙවෙයි. එහෙම කෙනෙක් වෙන්න එපා)

පොඩ්ඩක් ඉන්න!
ඔයාම හිතන්න, “ඇයි මම මේ පණිවිඩය විශ්වාස කල යුත්තේ’? (අද විතරක් නෙවෙයි, මේක හැමදාම කරන්න)

කොහෙන් ආපු එකක්ද?
අන්තර්ගතය නිර්මාණය කරලා තියෙන පේජ් එකේ ලින්ක් එකට යන්න.
(ලින්ක් එකක් හොයාගන්න නැද්ද? ඒත් ඔයා දැකපු දේ විශ්වාස කළා ද? එහෙනම්, ඔයා ආපහු රැවටිලා!)

හොයලා බලන්න!
අන්තර්ගතය පළවෙලා තියෙන සමාජ මාධ්‍ය පිටුව හෝ වෙබ් අඩවිය විශ්වාසය තැබිය හැකි මූලාශ්‍රයක් ද?
(අප්‍රේල් පළවෙනිදා රැවටෙන අය – පොඩ්ඩක් ඉදලා, කොහෙන් ආපු එකක් ද කියලා බලලා, හොයලා බලන අය නෙවෙයි. එහෙම කෙනෙක් වෙන්න එපා)

Trace-it වෙරිටේ රිසර්ච් හඳුන්වාදෙන ක්‍රමයක්
වෙරිටේ රිසර්ච් , අපේ ඩිජිටල් අන්තර්ගතයන්ට අදාළව අලුත් ප්‍රකාශන ප්‍රමිතියක් අනුගමනය කරන්නයි යන්නේ. ඔබ දකින්නේ අපේ අන්තර්ගතයක් නම්, ඒ අන්තර්ගතය අපි මුලින්ම ප්‍රකාශයට පත්කරපු තැනට සම්බන්ධ කරවන QR කේතයක් ඒකෙ තියේවි.
හැම විශ්වසනීය ප්‍රකාශකයෙක්ම මේ ක්‍රමය අනුගමනය කළ යුතු බවයි අපේ අදහස. මොකද, එහෙම හොයාගන්න බැරි අන්තර්ගතයන් – සාවද්‍ය තොරතුරු වීමේ ලොකු අවදානමක් තිබෙනවා.
මුල් ප්රකාශකයාට සම්බන්ධ කරන්න බැරි අන්තර්ගතයන් දැක්කොත් ප්‍රවේසම් වෙන්න. ඒ වගේ දේවල් අනෙක් අය එක්ක බෙදා ගන්න අයහපත් පුරුද්දෙන් වැළකෙන්න.
Take the quiz to test your skills!
Question 1

Question 2

Question 3
Which post is real?

Option A

Option B
Quiz Complete!
Thank you for playing. Here's your final score:
QR කේතයෙන් ප්‍රකාශකයා සොයාගැනිමේ ක්‍රමවේදයකට වෙරිටේ රිසර්ච් මුල් පියවර තබයි
ඩිජිටල් අන්තර්ගතයන්හි ප්‍රකාශකයා තහවුරුකර ගැනීමට “Trace-it”
2025 මාර්තු මස 31 වෙනිදා, කොළඹ දී ය.
අද වනවිට කෘතිම බුද්ධිය (AI) හරහා ඕනෑම අන්තර්ගයක් ඉතාම පහසුවෙන් නැවත නිර්මාණය කරන්නටත් විකෘති කිරීමටත් හැක. මේ තුලින්, ඩිජිටල් අවකාශය තුල හුවමාරු වන අන්තර්ගතයන් සම්බන්ධයෙන් පවතින විශ්වසනීයත්වය පිළිබඳව ඇති අර්බුදය සීඝ්රයෙන් ඉහල යා හැක.
තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් යැයි පරිශීලකයා විශ්වාස කරන්නේ කෙසේ ද?
වෙරිටේ රිසර්ච් ආයතනයෙහි වෙරිටේ මීඩියා අංශය විසින් මේ සඳහා සරල ක්‍රමවේදයක් ලෙස QR කේතය මත පදනම් වූ “Trace-it” හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමවේදය ඩිජිටල් ඇගිලි සළකුණක් හා සම වන අතර, එමඟින් මාධ්‍ය පරිශීලකයින්ට මුල් මූලාශ්‍රයට ප්‍රවේශ වීමෙන් අන්තර්ගතයේ සත්‍ය–අසත්‍යතාවය ක්ෂණිකව තහවුරු කිරීමට හැකියාව ලැබේ (දක්වා ඇති රූ සටහන බලන්න).
පිළිගත් ප්‍රකාශකයින් විසින් මෙම ක්‍රමවේදය, ඔවුන්ගේ අන්තර්ගතයන් පළ කිරීමේදී ප්‍රකාශක ප්‍රමිතියක් ලෙස අනුගමනය කිරීම තුලින් සියලු විශ්වසනීය ඩිජිටල් අන්තර්ගතයන්ට අදාළව ඒවා ප්‍රකාශයට පත් කල මුල් ප්‍රකාශකයන්ව සොයා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇති බව වෙරිටේ මීඩියා අංශයේ ප්‍රධානී දීපාංජලී අබේවර්දන පැවසුවා ය. තවද මේ තුලින් විකෘති කරන ලද අන්තර්ගතයන්ගේ ව්‍යාජ බව අනාවරණය කර හැකි වනවා මෙන්ම එම අන්තර්ගතයන් ඩිජිටල් අවකාශයේ පැතිරීම අඩු වනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කලාය.
මෙම ක්‍රමවේදයට අනුගත වීමේ මුල් පියවර ලෙස, වෙරිටේ රිසර්ච් විසින් අප්‍රේල් මස පළමුවැනිදා සිට ඩිජිටල් අවකාශයේ ප්‍රකාශයට පත් කරන එහි සියලුම අන්තර්ගතයන්ට ‘Trace-it’ QR කේතය යොදනු ඇත.
ඩිජිටල් අවකාශයේ අන්තර්ගතයන් පළ කරනු ලබන සියලු විශ්වසනීය ප්‍රකාශකයින්, ගෙවීමකින් තොරව පහසුවෙන් ලබාගත හැකි (Open source) මෙම Trace-it ක්‍රමවේදය භාවිතයට ගැනීමට උත්සුක වනු දැකීම වෙරිටේ මීඩීයා අංශයේ බලාපොරොත්තුවයි. එම අංශයේ වැඩසටහන් ප්‍රධානී රොෂෙල් කනගසබේ, ස්වකීය අනන්‍යතාවය තහවුරු කරගැනීමට යොදාගත හැකි මෙම සරල ක්‍රමවේදය භාවිතයට ගැනීමට කැමැත්තෙන් පසුවන ඕනෑම විශ්වසනීය ප්රකාශකයෙකුට, ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට වෙරිටේ මාධ්‍ය අංශය සූදානමින් සිටින බව තහවුරු කළේ ය.
මූලාශ්‍රය සොයාගත නොහැකි අන්තර්ගතයන් සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස වෙරිටේ මාධ්‍ය අංශය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින අතර එසේ මුල් ප්‍රකාශකයකු සොයාගත නොහැකි අන්තර්ගතයන් විකෘති කරන ලද හෝ සාවද්‍ය වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බැවින් එවන් අන්තර්ගතයන් එකිනෙකා අතර හුවමාරු කරගැනීමේ අයහපත් හැසිරීමෙන් වැළකී සිටින ලෙසත් වෙරිටේ මාධ්‍ය අංශය අන්තාර්ජාල පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටී.
Trace-it යනු වගකීම් සහගතව තොරතුරු බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ සහ අන්තර්ගතයන්ගේ සත්‍ය – අසත්‍යභාවය තහවුරු කිරීමෙහි ලා වෙරිටේ මාධ්‍ය අංශය යෙදෙමෙින් සිටින පුළුල් මෙහෙවරෙහි දිගුවකි. වෙරිටේ මීඩියා යනු දැනුම ඇසුරින් ලොව වෙනස් කිරීමට දායකත්වය ලබා දෙන බුද්ධි පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් හි මාධ්‍ය අංශයයි.
වැඩිදුර තොරතුරු සඳහා mediaservices@veriteresearch.org හා සම්බන්ධ වන්න.

