එන්නත්කරණ සමානාත්මතාවය කෙරෙහි වාර්ගික විවිධත්වයේ බලපෑම
කොවිඩ්-19 හේතුවෙන්, ලෝකයේ විවිධ ජනවර්ග අතර එන්නත් වෙත ඇති අසමාන ප්‍රවේශය හා එන්නත් කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ විෂමතා ඉස්මතු වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දමිළ සහ මුස්ලිම් යන ජනවර්ග තුන මඟින් කොවිඩ්-19 එන්නත පිළිබඳ පවතින විශ්වාසය, එන්නත ලබා ගැනීම සහ එන්නත වෙත ඇති ප්‍රවේශය යන කරුණුවලට අදාළව සමාජ මාධ්‍ය ඔසසේ පළ කරන ලද අදහස් විශ්ලේෂණය කිරීම සඳහා වෙරිටේ රිසර්ච් (ඪැරසඑඬී ඍැිැ්රජය) ආයතනය විසින් අධ්‍යයනයක් සිදු කරන ලදි.
මෙම අධ්‍යයනය සඳහා මූල්‍යමය සහය මයිනොරිටි රයිට්ස් ගෲප් ඉන්ටර්නැෂනල් (ඵසබදරසඑහ ඍසටයඑි ඨරදමච ෂබඑැරබ්එසදබ්ක) විසින් ලබා දෙන ලදි. විවිධ ජනවර්ග අතර එන්නත කෙරෙහි පවතින විශ්වාසයේ මට්ටමත්, එන්නත ලබා ගැනීමත්, එන්නත වෙත ඇති ප්රවේශයත් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපයෝගි කර ගත හැකි ආකාරය හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය.
- 2021, Economic Research, Health and Social Protection, Religious Freedom and Minority Rights, Research Briefs, Social Rights and Equality
