අපනයන සාර්ථකත්වය අඩාල කරන දේශීය බාධක ඉවත් කිරීම

අපනයනය කරන්නට සිතන ව්‍යාපාරිකයන් අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම ලංකාවේ නීතිය යටතේ අනිවාර්ය වේ. ඒක පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයන්ට අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස දීර්ඝ, අකාර්යක්ෂම සහ දුෂ්කර එකක් බව වෙරිටේ පර්යේෂණ ආයතනය කල අධ්‍යනයකින් හෙළි දරවු විය.   වත්මන් ක්‍රියාවලිය අවම වශයෙන් පියවර 10කින් සමන්විත වන අතර, විවධ රාජ්‍ය ආයතන 6ක් ඊට සම්බන්ධ වේ. මේ සඳහා සති 1-3ක කාලයක් ගත විය හැක. අපනයන බලපත්‍ර අවැසි භාණ්ඩ අපනයනය කරන්නට සිතන ව්‍යාපාරිකයන්ට සිය ලියාපන්දිචිය සම්පුර්ණ කිරීමට මීට  අමතරව තවත් සති කිහිපයක් වැය කරන්නට සිදු වේ.
නව අපනයනකරුවන් හඳුනා ගෙන ඔවුනට අත්වැලක් සැපයීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම අනිවාර්ය ලියාපදිංචිය, ක්‍රියාත්මක වී ඇත්තේ එම අරමුණට පටහැනි ආකාරයෙනි. දේශීය ව්‍යාපාරිකයන් අපනයනය සඳහා දිරි ගැන්වීමට නම් මෙම ක්‍රියාවලිය සරල, කෙටි සහ තර්කාන්විත එකක් බවට පත් කිරීම ඉතා වැදගත්ය.