දුම්වැටි බදු අයකිරීමේ සූත්‍රය අමතක වීමේ පිරිවැය

2019 දී රජය විසින් දුම්වැටිවල බදු සහ මිල නියම කිරීම, දර්ශකයකට අනුව සකසන ලද සුත්‍රයක් මත පදනම්ව සිදු කිරීමේ ප්‍රතිපත්තියන් හඳුන්වාදෙනු ලැබිණි. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමතක වීමේ පිරිවැය ඉහළ ය: 2020 සිට 2023 දක්වා කාලය තුළ රුපියල් බිලියන 85ක අහිමි වූ අත්හරින ලද ආදායම එහි ප්‍රතිඵලය වන අතර 2023 දී තවත් බිලියන 45ක් එනිසා අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාව වර්තමානයේදී එහි ඉතිහාසයේ මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටී. මෙහිදී ප්‍රධානතම ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ණය දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබීමයි. ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු පියවර අතුරින් තීරණාත්මක  පියවරක් වන්නේ රජයේ ආදායම ප්‍රමාණවත් ලෙසඉහළ නැංවීමයි. කෙසේවෙතත්, පෙර අයවැයවලදී ඉදිරිපත් කරන ලද මිල සූත්‍රයක් වර්තමානයේ අමතක වී ඇත. දුම්වැටි මිල සහ බදු අයකිරීම මත පනවන ලද සූත්‍රය එලෙස අමතක වී ඇති සූත්‍රයයි.