හදිසි මහජන අවශ්‍යතා උදෙසා නිසි කාර්යය පටිපාටිය සහ සූදානම: කොවිඩ් -19 වසංගතයෙන් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම්
වෙරිටේරිසර්ච් ආයතනය විසින් සිදු කළ නවතම අධ්‍යයනය මඟින් කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මුහුණ දුන් අභියෝග සම්බන්ද නිසි කාර්යය පටිපාටික ඇඟවුම් ගවේෂණය කරයි. කොවිඩ් –19 සීමාවන් හේතුවෙන් අහිතකර බලපෑමට ලක් වූ ප්‍රධාන පෙලේ නිසි කාර්යය පටිපාටික අයිතිවාසිකම් දෙකක් එනම් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහ නෛතික නියෝජනයට සහ නීති ආධාර ලැබීමට ඇති අයිතිය එමගින් හඳුනා ගනී.
ශ්‍රී ලංකාවේ නිසි කාර්යය පටිපාටික අයිතිවාසිකම් සම්බන්ද බැඳීම් වඩාත් හොඳින් ඉටු කිරීම සඳහා තීරණාත්මක පාඩම් හඳුනා ගැනීම පිණිස COVID-19 හේතුවෙන් ඇති වූ අභියෝග සඳහා අධිකරණ ප්‍රතිචාර විශ්ලේෂණය කිරීම මෙන්ම COVID-19 සීමාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී ඉන්දියාව සහ සිංගප්පූරුවේ අධිකරණ අත්දැකීම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ද අධ්‍යයනයෙන් ඉදිරිපත් කෙරේ.
- Economic Research, Health and Social Protection, Research Briefs
