වැඩකරන රටකට – වැඩක් කළ හැකි කැබිනට් මණ්ඩලයක්

ශී‍්‍ර ලංකාවේ රජයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවයට බෙහෙවින් බලපාන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යංශ ඇති කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කළ පර්යේෂණයක තොරතුරු පසුගියදා ජනගත කරන ලදී.

නොගැලපෙන විෂයන් ඇතුළත් කර අමාත්‍යංශ පිහිටුවීම, එකට ගතහැකි විෂය පථයන් වෙන්කර අමාත්‍යංශ පිහිටුවීම, යනාදී ප‍්‍රධාන කාරණා නිසාවෙන් 2010 වසරේ සිට මෙරට ඇති කෙරුණු කැබිනට් මණ්ඩලවල කි‍්‍රයාකාරීත්වය යටතේ රජයෙන් අපේක්ෂා කළ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ලැබී නොමැත.

ලර්න්ඒෂියා ආයතනයේ ජේ්‍යෂ්ඨ පර්යේෂිකා සුජාතා ගමගේ, ලංකා වානිජ මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා සහ ඇඩ්වොකාටා ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහනේ සංවාද මණ්ඩලයට දායකත්වය ලබා දුන්නේ ය.