ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන කටයුතු

ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන ව්‍යුහයේ පවතින පරිපාලනමය හිඩැස් සම්බන්ධයෙන් වෙරිටේ පර්යේෂණායතනය දියත් කළ විමර්ෂණයකින් අනාවරණය වුනු තොරතුරු මෙම පර්යේෂණ සටහනෙහි අන්තර්ගත වේ.තොරතුරු දැනගැනීමේ පණතේ භාවිතාවන් මෙම විමර්ෂණය දියත් කිරීම සදහා භාවිතයට ගෙන ඇත.

ශී‍්‍ර ලංකාවේ ආපදා කළමණාකරන විෂයෙහි පවතින උසස්ම ආයතනය වන ජාතික ආපදා කළමණාකරන කවුන්සිලයේ කි‍්‍රයාකාරීත්වය මෙම අධ්‍යනයෙන් විශේෂකොටම විමසා බලා තිබේ.

ජාතික ආපදා කළමණාකරන කවුන්සිලය පරිපාලනමය කටයුතු නිසියාකාරව දියත් කිරීම අතින් අපොහොසත්ව තිබෙන ප‍්‍රධාන අවස්ථා දෙකක් හදුනාගැනීමට විමර්ෂණයෙන් හැකිවිය.

1. තීරණ ගැනීම සදහා අවශ්‍ය පරිදි කවුන්සිලය රැස්වීම් පවත්වා නැත
2. කවුන්සිලය එහි වැදගත් වගකීම් පැහැරහැර ඇත

මෙම සිද්ධි අධ්‍යනයෙන් වැඩිදුරටත් යෝජනා කෙරෙන්නේ මෙකී දුර්වලතා ආපදා කළමණාකරන විෂයට අනන්‍යවන්නේ නොව සමස්ත රාජ්‍ය සේවයේම මුල්බැසගෙන තිබෙන ලක්ෂණයෝ වීමට ඉඩ තිබෙන බවය.