Written by 9:06 am Views: 7

ස්වභාවික ආපදා රක්ෂණාවරණය

ඉහළ යමින් පවතින ස්වභාවික ආපදාවන්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් මුහුණ දෙන විශාල අභියෝගයකි. ආපදා රක්ෂණ ආවරණයන් යනු එවන් ආපදාවන්ගෙන් වූ  හානියෙන් පසු සිය ව්‍යාපාර නැවත ගොඩ නගා ගැනීමට ඇති ප්‍රයෝජනවත් මෙවලමකි.    එහෙත් ලංකාවේ ආපදා රක්ෂනාවරණ අනුපාතය ඉතා පහල මට්ටමක පවතී. මෙම ප්‍රතිපත්ති සටහන  පෙන්වා දෙන්නේ සිංහල සහ දෙමල භාෂාවන්ගෙන් රක්ෂණ ලියවිලි ලබා ගැනීමට නොහැකි වීම, මෙතෙක් හඳුනා නොගත්, රක්ෂනාවරන අනුපාතය පහල අගයක් ගැනීමට හේතු වන වැදගත් හේතුවක් බවයි.  ලංකාව සියලූම පොදු සන්නිවේදනයන්; සිංහල, ද‍ෙමල සහ ඉංග්‍රීසි යන මූලික භාෂා ත්‍රිත්වය‍ෙන්ම සිදු කිරීමේ ප්‍ර‍තිපත්තියකින් බැඳී සිටිය ද, අපගේ අධ්‍යයනය මගින් සොයා ගනු ලැබුවේ රක්ෂණ ලියවිලි සහ තොරතුරු සඳහා එකී ප්‍ර‍තිපත්තිය අදාල කර නොමැති බවය.

 

 

Visited 7 times, 1 visit(s) today

Last modified: July 17, 2018

Close