2021 අයවැය පිළිබඳ ප්‍රසිද්ධ වාර්තාව
මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ 2021 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳව පළ කරන ලද වාර්තා දෙකකින් දෙවන වාර්තාව වේ. මෙමඟින් රජයේ වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන හා බදුකරණ ප්‍රතිපත්ති කෙතෙරම් දුරට රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන්නේද යන්න ඇගැයීමට ලක් කෙරේ.
එසේ ඇගැයීමේදී රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවලට අදාළ අංශ අටක් වාර්තාව විසින් ඇගැයීමට ලක් කෙරේ. එම අංශ අට නම්, (i) සෞඛ්‍ය, (ii) ආරක්‍ෂක, (iii) යටිතලපහසුකම්, (iv) වෙළෙඳ හා කර්මාන්ත (v) පරිසර (vi) අධ්‍යාපන, (vii) කෘෂිකර්ම, වාරිමාර්ග හා ධීවර සහ (viii) සමාජ සවිබලගැන්වීමයි. ඊට අමතරව, අයවැයට අදාළ වන තොරතුරු ප්‍රමිතීන් හා නිසි සුපරික්‍ෂාව පිළිබඳ කරුණු ද වාර්තාවෙන් ඉස්මතු කෙරේ.
- 2021, Debt and Public Finance, Economic Research, Infrastructure and Public Investment, Macroeconomic Analysis, Research Reports, Taxation
