වැඩක් කළ හැකි කැබිනට්ටුවක්: ශී‍්‍ර ලංකාවේ අමාත්‍යංශ

රජයේ කි‍්‍රයාකාරීත්වය ඵලදායී සහ කාර්යක්ෂම මට්ටමක පවතින බව සහතික කිරීම සදහා කැබිනට් මණ්ඩලය ලබාදෙන දායකත්වය සුලූපටු නැත. නමුත් අප සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වූ ආකාරයට පසුගිය වසර කිහිපයේ මෙරට ඇති කෙරුණු කැබිනට් මණ්ඩලවලින් එවැනි දායකත්වයක් ලැබී නොමැත.

එසේ වීමට ප‍්‍රධාන හේතු ලෙස, එකිනෙක නොගැලපෙන විෂය පථයන් එකම අමාත්‍යංශයකට ඇතුළත් කිරීම, පමණට වඩා විශාල කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගැනීම සහ කැබිනට් මණ්ඩලය අස්ථාවරවීම, විශේෂයෙන් 2010-2020 අතර කාලයේ පිහිටැවුණු කැබිනට් මණ්ඩල නිරීක්ෂනය කිරීමේ දී, අපට හදුනාගත හැකිවිය.

එනිසාම මෙම ගැටලූ නිරාකරණය කරගැනීම, වැඩකරන රටක සංකල්පය ඔස්සේ ඉදිරියට යාමට අපේක්ෂාවෙන් සිටින අපට අතිශය වැදගත් ය.

මේ, මෙම ගැටලූ නිරාකරණය කෙරෙන පරිදි අප නිර්මාණය කර ඇති කැබිනට් මණ්ඩලයක ආකෘතියකි.

භාගත කරගන්න මෙතැනින්