Press Release
Approval of government falls to 7% in February
Latest Mood of the Nation Survey Shows Increase in Negative Outlook
Colombo, 21 March 2024
The approval rating of the government fell from 9% in October 2023 to 7% in February 2024, according to the latest round of the Gallup style ‘Mood of the Nation’ poll of Verité Research.
The survey showed that only 9% rated the current economic conditions as either excellent or good, which is a drop from 16% in October 2023.
90% thought that the economic conditions in the country were getting worse, whereas in October 2023 only 66% had this negative view.
- Government Approval Rating | 7% |
To the question, “Do you approve or disapprove of the way the current government is working?”, 7% (almost 7.5%) of the respondents said that they approve (with an error margin of ± 1.81%). The percentage saying they disapproved was 85%. The approval rating is its lowest since June 2022.
- Economic Conditions Rating | Poor: 91% |
When asked to “Rate the economic conditions in the country today” as either excellent, good or poor, 91% said it was poor (with an error margin of ±1.94%). This is an increase in the negative rating from 73% in June 2023 and 81% in October 2023.
- Economic Outlook | Getting Better: 9% |
To the question “Do you think that the economic conditions in the country as a whole are getting better or getting worse?” 9% of the respondents believed that the economy was getting better (with an error margin of ± 1.91%). It was 8% in October 2023. However, the percentage that thinks it is getting worse has increased from 66% in October 2023 to 90% at present; suggesting that those who didn’t take a firm view in October 2023 have now taken the view that it is getting worse.
Survey Implementation
This regularly conducted poll is part of the Syndicated Surveys instrument of Verité Research. The polling partner was Vanguard Survey (Pvt) Ltd. This instrument also provides other organisations the opportunity to survey the sentiments of Sri Lankans.
The latest poll was based on a nationally representative multi-stage randomised sample of 1,044 Sri Lankan adults from separate households and was carried out from 16 to 25 February 2024. This survey was designed to have a maximum sampling error margin of ±3.03% at a 95% confidence level. Error margins can be further affected by lapses that could arise in the process of implementation.
මාධ්‍ය නිවේදනය
2024 පෙබරවාරියේ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 7% දක්වා පහළට
ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බව සිතන පිරිස තවත් ඉහළට
‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල කියයි
2024 මාර්තු මස 21 වැනිදා, කොළඹදී ය.
වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵලවලට අනුව 2023 ඔක්තෝබර් මාසයේ දී 9 % ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7 %ක් දක්වා පහත වැටී ඇත.
වැඩිදුරටත් ලැබී ඇති ප්‍රතිචාරවලට අනුව, රටේ වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට අදහස් දක්වා ඇත්තේ ජනතාවගෙන් 9%ක ප්රතිශතයකි. 2023 ඔක්තෝබර් මාසයේ එය 16%ක් විය.
90%ක් දෙනාගේ අදහස රටේ ආර්ථික තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවය. ගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙම අදහස දැරූයේ ජනතාවගෙන් 66%කි.
- ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය | 7% |
“වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔබ අනුමත කරනවා ද? නැද්ද?” යන ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූ 7% ප්‍රමාණයක් (ආසන්න වශයෙන් 7.5% – ආන්තික දෝශය ± 1.81% සහිතව) ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත කරන බව පැවසුවේ ය. අනෙක් පසට, 85%ක් කියා සිටියේ ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔවුන් අනුමත නොකරන බවයි. මෙය 2022 ජූනි මාසයෙන් පසු ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතියට ලැබුණු පහළම අගයයි.
- ආර්ථික තත්ත්වය ගැන අදහස | දුර්වලයි: 91% |
“අද රටේ ආර්ථික තත්වය විශිෂ්ට, යහපත් හෝ දුර්වල යනාදී මට්ටම් අතුරින් කුමන මට්ටමක පවතී ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වන්නැයි” පැවසූ විට, 91%ක් (ආන්තික දෝශය ±1.94% සහිතව) රටේ ආර්ථිකය දුර්වල මට්ටමක පවතින බවට අදහස් දැක්වූහ. මෙම අගය 2023 ජුනි මාසයේ දී 73%ක් සහ 2023 ඔක්තෝබර් මාසයේ දී 81%ක් විය. මෙම සෘණාත්මක අදහස තවදුරටත් වර්ධනයව ඇති බවක් මෙවර ප්‍රතිඵලවලින් පෙනේ.
- ආර්ථිකයේ ඉදිරි දැක්ම | හොඳ අතට හැරෙමින් පවතී: 9% |
ආර්ථික තත්ත්වය වෙනස් වෙමින් තිබෙන්නේ හොඳ අතට ද? නැතිනම් නරක අතට ද? යැන පැනයට 9%ක (ආන්තික දෝශය ± 1.91% සහිතව) පිරිසක් සුබවාදී ප්‍රතිචාරයක් ලබාදුන්හ. 2023 ඔක්තෝබර් මාසයේ දී, මෙම අගය 8%ක් විය.
අනෙක් අතට අසුබවාදී – එනම් ආර්ථිකය නරක අතට හැරෙමින් පවතී යැයි ප්‍රතිචාර දැක්වූ ප්‍රතිශතය 90%ක් විය. එය 2023 ඔක්තෝබර් මාසයේ තිබුණු 66%ක අගයට වඩා ඉහළ ය. ඒ අනුව ගත්විට, එම වසරේ ඔක්තෝබර් මාසයේ දී, ආර්ථික තත්ත්වය ගැන ස්ථිර මතයක් ප්‍රකාශ නොකළ පිරිසත් මේ වන විට ආර්ථිකය නරක අතට හැරෙමින් ඇත යන අදහසේ සිටින බව පෙනී යයි.
ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම
‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදුකරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව හිමිවේ.
මෙම නවතම සමීක්ෂණය, බහු-අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,044 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2024 පෙබරවාරි 16 සිට 25 දක්වා කාලය තුළ සිදු කර ඇත.
සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ, 95% විශ්වාසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin) ±3.03% මට්ටමක පැවතෙන පරිදිය. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දෝශයන් ආන්තික දෝශය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කළ හැකිය.
ஊடக வெளியீடு
தலைப்பு: அரசாங்கம் மீதான மக்களின் அங்கீகாரம் பெப்ரவரி மாதத்தில் 7% ஆக குறைந்துள்ளது
உப தலைப்பு: சமீபத்திய ‘தேசத்தின் மனநிலை‘ கருத்துக்கணிப்பு மக்களின் நம்பிக்கையில் கடுமையான எதிர்மறை சரிவைக் காட்டுகிறது
2024 மார்ச் 21 ம் திகதி, கொழும்பில்
வெரிட்டே ரிசேர்ச்சின் கேலப் பாணியிலான (Gallup style) சமீபத்திய ‘தேசத்தின் மனநிலை’ கருத்துக்கணிப்பின்படி, 2023 அக்டோபர் மாதத்தில் 9% ஆக இருந்த அரசாங்கம் மீதான மக்களின் அங்கீகாரம் 2024 பெப்ரவரியில் 7% ஆகக் குறைந்துள்ளது.
தற்போதைய பொருளாதாரம் சிறப்பாக உள்ளது அல்லது நல்ல நிலையில் உள்ளது என 9 சதவீதமானவர்கள் மட்டுமே மதிப்பிட்டதாகக் கணக்கெடுப்பு சுட்டிக்காட்டுகிறது, இது 2023 அக்டோபரில் 16 சதவீதமாக இருந்தது என்பது குறிப்பிடத்தக்கது.
நாட்டின் பொருளாதார நிலைமைகள் மோசமடைந்து வருவதாக 90% கருதுகின்றனர், அதேவேளை 2023 அக்டோபரில் 66% மட்டுமே இவ்வாறான எதிர்மறையான பார்வையைக் கொண்டிருந்தனர்.
- அரசாங்கம் மீதான அங்கீகாரம் |7%|
“தற்போதைய அரசாங்கம் செயல்படும் முறையை நீங்கள் அங்கீகரிக்கிறீர்களா அல்லது மறுக்கிறீர்களா?” என்ற கேள்விக்கு, பதிலளித்தவர்களில் 7% (கிட்டத்தட்ட 7.5%) தாங்கள் ஏற்றுக்கொள்வதாகக் கூறியுள்ளனர் (± 1.81% பிழை வரம்புடன்). அரசாங்கம் செயல்படும் முறையை நிராகரிப்பதாகக் கூறிய சதவீதம் 85% ஆகும். அரசாங்கம் மீதான அங்கீகார மதிப்பீடு 2022 ஜூன் மாதத்திற்குப் பிறகு தற்போது மிகக் குறைந்த புள்ளியை எட்டியுள்ளது.
- பொருளாதார நிலைமைகள் மதிப்பீடு | மோசமானது: 91% |
“நாட்டின் தற்போதைய பொருளாதார நிலைமைகளை சிறப்பு, நன்று அல்லது மோசம்” என மதிப்பிடுமாறு கேட்டபோது, மோசமாக உள்ளது என 91% கூறியுள்ளனர் (பிழை வரம்பு ±1.94%). இது 2023 ஜூனில் 73% மற்றும் 2023 அக்டோபரில் 81% ஆக இருந்த எதிர்மறை மதிப்பீட்டை விட அதிகரித்த மதிப்பீட்டு நிலையாகும்.
- பொருளாதாரக் கண்ணோட்டம் | மேம்பட்டு வருகின்றது: 9% |
“ஒட்டுமொத்தமாக நாட்டின் பொருளாதார நிலைமைகள் மேம்பட்டு வருகின்றதா அல்லது மோசமடைந்து வருகின்றதா?” என்ற கேள்விக்கு, பொருளாதாரம் சிறப்படைந்து வருவதாக பதிலளித்தவர்களில் 9% நம்புகின்றனர் (± 1.91% பிழை வரம்புடன்). இது 2023 அக்டோபரில் 8% ஆக இருந்தது. இருப்பினும், பொருளாதார நிலைமைகள் மோசமடைந்து வருவதாக நினைக்கும் சதவீதம் 2023 அக்டோபரில் 66% ஆக இருந்து தற்போது 90% ஆக அதிகரித்துள்ளது; 2023 அக்டோபரில் உறுதியான கருத்தைத் தெரிவிக்காதவர்கள் தற்போது பொருளாதாரம் மோசமடைந்து வருகின்றது என்ற கருத்தை ஆமோதிக்கின்றனர்.
கருத்துக்கணிப்பை நடைமுறைப்படுத்தல்
வழக்கமாக நடத்தப்படும் இக்கருத்துக்கணிப்பு வெரிட்டே ரிசேர்ச்சின் Syndicated Surveys கருவியின் ஒரு பகுதியாகும். வாக்களிப்பு பங்காளியாக வான்கார்ட் சர்வே (பிரைவேட்) லிமிடெட் செயற்படுகிறது. இதன்மூலம் இலங்கையர்களின் கருத்துகளை ஆய்வு செய்ய மற்ற நிறுவனங்களுக்கு வாய்ப்பு கிடைக்கிறது.
நாடளாவிய ரீதியில் தனித்தனி குடும்பங்களில் இருந்து வயது வந்த இலங்கையர்கள் 1,044 பேரைக் கொண்ட பதில் மாதிரியை அடிப்படையாகக் கொண்டு, 2024 பெப்ரவரி 16 முதல் 25 வரை இந்தக் கருத்துக்கணிப்பு நடத்தப்பட்டது. இக்கணக்கெடுப்புக்கான மாதிரி மற்றும் முறையானது, 95% நம்பிக்கை இடைவெளியில் ±3.03%க்கும் குறைவான அதிகபட்ச பிழை வரம்பைக் கட்டுப்படுத்தும் வகையில் ஆய்வுகளின் தங்க நியம விதிகளைச் சந்திக்கும் வகையில் வடிவமைக்கப்பட்டுள்ளது.