පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්: සංස්ථාපිත ආයතන පිහිටුවීමට බහුලව යොදා ගන්නා ම‍ෙවලමක්

නීතීඥ සුපුන් ජයවර්ධන

පාර්ලිමේන්තුව විසින්  සිදු කරන ප්‍ර‍ධානතම කාර්යය වන්නේ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි. එයට මුල පිරීම  ක්‍ර‍ම ද‍ෙකකට සිදු විය හැකි ය. ඉන් පලමුවැන්න  රජය විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම වන අතර පාර්ලිමේන්තුව තුළ කිසිඳු තනතුරක් නොදරන මන්ත්‍රීවරය‍ෙකු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ගෙන ඒම එහි දෙවැන්න ලෙස පෙන්වා දිය හැකිය. වසර 2015 ඔක්තෝබර් සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුල මෙරට අටවන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් පිලිබඳ සලකා බලන මෙම ලිපිය, පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් සන්ස්ථාපිත ආයතන පිහිටුවීම උදෙසා බහුලව යොදා ගන්නා ම‍ෙවලමක් බවට පත්ව ඇති අන්දම පෙන්වා දේ.

රජය විසින් ඉදිරිපත් කරන පනත් ක‍ෙටුම්පත් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් අතර සසඳා බැලීමක්

මින් පලමුවැන්න රජය විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව පනත් ක‍ෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ දී එය අදාල විෂය බාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයේ ඇතුළත් කිරීම‍ෙන් අනතුරුව විවාදයට ග‍ෙන සම්මත කරනු ලබයි. ම‍ෙවැනි පනත් ක‍ෙටුම්පත් සඳහා ආණ්ඩු පක්ෂයේ සහයෝගය නිරන්තරය‍ෙන් හිමිවන අතර එය රටේ නීති සෑදීම සම්බන්ධව ආණ්ඩුවේ න්‍යායපත්‍ර‍ය පිළිබිඹු කරන්නකි.

එහෙයින්, පෞද්ගලික මන්තී‍්‍ර කෙටුම්පතක් යනු සමාජයේ යහපත වෙනුවෙන් ජනතාව අපේක්ෂා කරන කරුණු කාරණා රජය හරහා ඉෂ්ඨ කරගැනීම සදහා පවතින වැදගත් මාර්ගයකි.

ඊට අමතරව පාර්ලිමේන්තුව තුළ කිසිඳු තනතුරක් නොදරන ඕනෑ ම මන්ත්‍රීවරය‍ෙකුට ද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම මඟින් රටේ නීති සෑදීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය හැකි ය. ම‍ෙසේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම ඕනෑ ම විෂයයකට අදාලව සිදු කළ හැකි  අතර  ජනතාවගේ යහපත ඉටු කිරීම පිනිස රට‍ෙහි නීතියේ ඇතිවිය යුතු ව‍ෙනස්කම් පිළිබඳ තමන් කොතරම් අවධානය‍ෙන් පසුවන්නේ ද යන්න ප‍ෙන්වා දීමටත්  ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කරවා ගැනීමටත් මණ්ත්‍රීවරුන්ට ම‍ෙතුළින් අවස්තාව හිමි වේ.

2015 ඔක්තෝබර් සිට 2019 නොවැම්බර් දක්වා වූ වසර 4කුත් මාස 2 තුළ:

ඉදිරිපත් වූ  මුළු පනත් ක‍ෙටුම්පත් සංඛ්‍යාව

318

පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් සංඛ්‍යාව

152 (47.9%)

ආයතනයක් සංස්ථාපනය කිරීම පිනිස ග‍ෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත්

144 (95%)

පොදු අරමුණක් පිනිස ග‍ෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත්

8 (5%)

 

කවුද මේ පෞද්ගලික මන්ත්‍රීවරය‍ා

පෞද්ගලික මන්ත්‍රීවරය‍‍ෙකු යනු කවුරුන්ද යන්න වසර 2018 අප්‍ර‍ෙල් මස දී පනවන ලද නව ස්ථාවර නියෝඝ අංක 24(3) මඟින් දක්වා සිටී. ඒ අනුව, පාර්ලිමේන්තුව තුළ කිසිඳු තනතුරක් නොදරන මන්ත්‍රීවරය‍ෙකු පෞද්ගලික මන්ත්‍රීවරය‍ෙක් ල‍ෙස හඳුන්වා දිය හැකි ය. ම‍ෙහි දී පාර්ලිමේන්තුව තුළ තනතුරු දැරීම යන්නට කථානායක, නියෝජ්‍ය කථානායක, කමිටු නියෝජ්‍ය සභාපති, අගමැති, අමාත්‍ය මණ්ඩල (කැබිනට්) අමාත්‍යවරය‍ෙක්, අමාත්‍ය මණ්ඩල සාමාජිකය‍ෙක් නොවන අමාත්‍යවර‍යෙක්, නියෝජ්‍ය අමාත්‍යවරය‍ෙක්, සභානායක, විපක්ෂනායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරක් දැරීම අයත් වේ.

අරමුණ මත පදනම් වූ කාලරාමු ද‍ෙකක්

පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම දක්වා වූ කාර්යපටිපාටිය දක්වාලනුයේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 52 සහ 53 මඟිනි. ඒ අනුව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් ද‍ෙයාකාරයකට ව‍ෙන් කළ හැකි ය. එනම්:

(i). යම් විශේෂ පුද්ගලයකුට, සමිතියකට හෝ සංස්ථාගත මණ්ඩලයකට බලපෑමක් ඇති කිරීම සඳහා හෝ යහපතක් සැලසීම සඳහා ඉදිරිපත් කරන පනත් කෙටුම්පත්, සහ

(ii). එසේ නොවන ව‍ෙනත් යම් අරමුණක් පාදක කරග‍ෙන ඉදිරිපත් කරන පනත් ක‍ෙටුම්පත් වශය‍ෙණි.

ම‍ෙහි දී ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත  කිසියම් විශේෂ පුද්ගලයකු, සමිතියක හෝ සංස්ථාගත මණ්ඩලයක යහපත පිනිස ග‍ෙන එනු ලබයි නම්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මාසයකට ප‍ෙර රජයේ ගැසට් පත්‍රයේ ඵල කළ යුතු ය. ඊට අමතරව එම පනතේ ස්වභාවය සහ අරමුණු  ඇතුළත් කරන ලද දැන්වීමක් පුවත්පතක මාසයක කාලයකට ප‍ෙර ඵල කළ යුතු  බව ස්ථාවර  නියෝග අංක 53(1) මඟින් ප‍ෙන්වා ද‍ෙයි. ක‍‍ෙසේ වුව ද එකී පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත ව‍ෙන යම් අරමුණක් ව‍ෙනුව‍ෙන් සන්ස්ථාපනය කරන ලද්දක් නම් ම‍ෙකී මාසයක කාල සීමාව බල නොපාන බව ඒ අනුව ප‍ෙනී යන්නකි.

අදාල පනත් ක‍ෙටුම්පත පාර්ලිමේන්තු මහළේඛම්වරයා ව‍ෙත යොමු කිරීම‍ෙන් අනතුරුව එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තාව හා අනුකූල වන්නේ ද හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයට අදාළව යම් බාධාවක් පවතින්නේ ද යන්න පරික්ෂා කිරීම පිනිස නීතිපතිවරයා ව‍ෙත යොමු කරනු ලබයි. එහි දී නීතිපතිවරයා සිය නිරීක්ෂණ  සති 6ක් තුළ පාර්ලිමේන්තුව ව‍ෙත දැනුම් දිය යුතු ය(ස්ථාවර නියෝග 52(3). ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහළේඛම්වරයා විසින් අදාල පනත් ක‍ෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ඵල කළ යුතු  අතර ගැසට් පත්‍රයේ ඵල වීම‍ෙන් දින 14කට පසුව එය පාර්ලිමේන්තු න්‍යායපත්‍ර‍යට ඇතුළත් කරනු ලබයි. ම‍ෙහි දී රටේ යම් පුරවැසිය‍ෙකුට මෙම පනත තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව උල්ලංගනය වන බව හැංගී යන්නේනම් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තාවේ 121(3) වන ව්‍යවස්ථාව යටතේ අදාල පුද්ගලික පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ  අභියෝගයට ලක් කළ හැකි ය.

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක විකාශනය

පළමුවර කියවීම

පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පලමුවර කියවීම සම්බන්ද විධිවිධාන ස්ථාවර නියෝග අංක 52(6) මඟින් දක්වා සිටි. ඒ අනුව අදාල පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කල පසු ඊට බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ඇතිව හෝ එසේ අනුමැතිය නොලබෙන්නේ නම් අවම වශය‍ෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 20 ද‍ෙන‍ෙකුගේ වත් අනුමැතිය සහිතව පළමු වර කියවීමට ගත යුතු අතර ඉන් පසුව එය මුද්‍රණය සඳහා යැවීම සිදු කරයි. ඉන් ඉක්බිතිව අදාල පනත් කෙටුම්පත නියමිත විෂය භාර අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ කතානායකවරයා විසින්  සුදුසු යැයි තීරණය කරන වෙනත් අමාත්‍යවරයෙකු ව‍ෙත එහි ඉදිරි වැඩ කටයුතු වාර්තා කිරීම පිණිස යොමු කල යුතු ය.

දෙවනවර කියවීම

ම‍ෙකී වාර්තාව ලැබ‍ෙන තුරු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්බන්දව ඉදිරි කටයුතු අත්හිටුවනු ලබයි. අදාල අමාත්‍යවරයා සිය වාර්තාව ඉදිරිපත් කිරීම‍ෙන් පසු එම පනත් ක‍ෙටුම්පත ද‍ෙවන වර කියවීම පිනිස  මුද්‍ර‍ණය කර පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු ය. ක‍ෙසේ වුව ද අමාත්‍යවරයා මාස 6ක් තුළ සිය වාර්තාව ඉදිරිපත් නොකරන්නේ නම් පනත ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රීවරයාගේ කැමැත්ත මත එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍ර‍යට ඇතුළත් කර ද‍ෙවනවර විවාධයට ගත හැකි ය.

තෙවනවර කියවීම (අවසන්වර කියවීම)

පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත ද‍ෙවනවර කියවීම‍ෙන් අනතුරුව අවසන්වර කියවීමට ප‍ෙර එහි වගන්තිවලට සිදු කළ යුතු අත්‍යාවශ්‍ය සංශෝධන සහ ව‍ෙනත් කරුණු සලකා බැලීම පිනිස ව්‍යවස්තා කටයුතු පිළිබඳ ස්ථාවර කාරකසභාව ව‍ෙත යො  මුකරනු ලබයි. එහි දී පනත් ක‍ෙටුම්පතට සිදුකළ යුතු වැඩිදුර ව‍ෙනස්කම් ද සිදුකිරීම‍ෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ අවසාන අනුමැතිය පිනිස යොමු කිරීම සිදු වේ. ඉන් පසුව අදාල පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පතට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තාවේ 79වන ව්‍යවස්තාව ප්‍ර‍කාරව කතානායකවරයාගේ සහතිකය ය‍ෙදීම‍ෙන් එය නීතියක් බවට පත් වේ.

සන්ස්ථාපිත ආයතන පිහිටුවීමට බහුලව යොදා ගන්නා ම‍ෙවලමක්

වසර 2015 ඔක්තෝබර් සිට 2019 නොවැම්බර් මාසය දක්වා වූ වසර 4කුත් මාස 2ක කාලය තුළ ස්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුව ව‍ෙත ඉදිරිපත් වූ මුලු පනත් ක‍ෙටුම්පත් 318 අතුරින් 152ක් (සියයට 47.9ක්) පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් ල‍ෙස ඉදිරිපත්ව තිබේ. ම‍ෙසේ ඉදිරිපත් වූ පනත් ක‍ෙටුම්පත් අතුරින් ක‍ෙටුම්පත් 101ක්  2015 ඔක්තෝබර් සහ 2016 සැප්තැම්බර් යන කාලය තුළ ඉදිරිපත්ව ඇති අතර සමස්ථ පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් වලට සාපේක්ෂව එහි ප්‍ර‍තිෂතය සියයට 66කි. මීට අමතරව 2016 ඔක්තෝබර් සිට 2017 සැප්තැම්බර් මාස අතර පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් 33ක්. 2017 ඔක්තෝබර් සිට 2018 සැප්තැම්බර් මාස අතර පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් 9ක්. ම‍ෙන් ම, 2018 ඔක්තෝබර් සිට 2019 සැප්තැම්බර් මාස අතර  එවැනි පනත් ක‍ෙටුම්පත් 5ක් සහ 2019 ඔක්තෝබර් නොවැම්බර් අතර කාල පරාසය තුළ පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් 4ක් ඉදිරිපත්ව තිබේ.

ම‍ෙසේ පාර්ලිමේන්තු‍ව ව‍ෙත පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු‍වේ සමස්ථ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් 224 ද‍ෙනා අතුරින් 58 ද‍ෙන‍ෙකු කටයුතු කර ඇති අතර  ප්‍ර‍තිෂතයක් ල‍ෙස එය සියයට 24කි. ම‍ෙම පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවරුන් අතරින් ඉහලින් ම සිටින මන්ත්‍රීවරුන් 7 ද‍ෙනා ම‍ෙම කාලය තුළ ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් 152 අතුරින් 51ක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. ඊට හිටපු පාර්ලිමේන්තු‍ මන්ත්‍රීවරුන් වන බුද්දික පතිරන පනත් ක‍ෙටුම්පත් 12ක්, කාදර් මස්තාන් පනත් ක‍ෙටුම්පත්  9ක්, සයිඩ් අලී මවුලානා පනත් ක‍ෙටුම්පත්  7ක්, නලීන් ජයමහ  පනත් ක‍ෙටුම්පත්  6ක්, එම් එස් තවුෆීක්  පනත් ක‍ෙටුම්පත්  6ක්, ස්‍රියානි විජයවික්‍ර‍ම   පනත් ක‍ෙටුම්පත්  6ක් සහ එඩ්වඩ් ගුනසේකර පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් 5ක් වශය‍ෙන් දායකත්වය දක්වා තිබේ.  ප්‍ර‍තිෂතයක් ල‍ෙස ඔවුන් සියලු ද‍ෙනාගේ දායකත්වය සියයට 34කි.

ඊට අමතරව ම‍ෙම සමස්ථ කාලය තුළ ඉදිරිපත්ව ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත්වල ස්වභාවය පිළිබඳ විමසා බැලීමේ දී දක්නට ලැබ‍ෙන සුවිශේෂී කරුණ වන්නේ මුලු පනත් ක‍‍ෙටුම්පත් 152 අතුරින් 144ක් (සියයට 95ක්) කිසියම් සමිතියක් හෝ සන්ස්ථාපිත මණ්ඩලයකට අදාලව හෝ එසේ සන්ස්ථාපනය කරන ලද ආයතනයකට අදාල පනතක්  සංශෝධනය කිරීම පිනිස යොමු කර ඇති බවයි. ඒ අනුව, පසුගිය වසර 4කුත් මාස 2කට ආසන්න කාලය තුළ සමිතියක් හෝ සන්ස්ථාපිත මණ්ඩලවල යහපත  පිනිස බහුලව යොදා ගන්නා ම‍ෙවලමක් ල‍ෙස පෞද්ගලික මන්ත්‍රී පනත් ක‍ෙටුම්පත් භාවිත කර ඇති බව දක්නට ලැබ‍ෙන්නකි.

මෙම ලිපියෙහි කතුවරයා වන නීතීඥ සුපුන් ජයවර්ධන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ සහකාර නීති විශ්ලේෂකවරයෙකු ලෙස කටයුතු කරයි. වෙරිටේ රිසර්ච් ආයතනය ආසියාතික  කලාපය වෙනුවෙන් ආර්තික විද්‍යාව නීතිය, දේශපාලණය, ජනමාධ්‍ය  සහ පාරිසරික සහ දේශගුණික විපර්යාස යන ක්ශේෂ්ත්‍ර සම්බන්ධ උපායමාර්ගික විශ්ලේෂණ සපයන බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන පෞද්ගලික ආයතනයක් වේ.

වැඩිදුර අදහස් දැනගැනීමට: publications@veriteresearch.org යන ඊමේල් ලිපිනය හරහා විමසීම් කරන්න.